ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා පහකට වරද පිළිගත් මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැති විත්තිකරුට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (28) පියවර ගත්තේය.

ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව අද විභාගයට ගැනිණි.

එහිදී විත්තිකරු තමන්ට එරෙහි අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් අනතුරුව, එක් එක් චෝදනාව සඳහා වසර 12 බැගින් වූ සිරදඬුවම් නියම කළ විනිසුරු මඬුල්ල එම දඬුවම් සියල්ල එකවර ගෙවී යන ලෙස නියෝග කළේය.

කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විටත් රැඳවුම් නියෝග සහ රක්ෂිත බන්ධනාගාරගතව ගත කර  වසර හතහමාරක කාලය මෙම සමස්ත සිරදඬුවමින් අඩු කිරීමට අධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔහුට ඉදිරියේදී සිරගතව සිටීමට සිදුවන්නේ තවත් වසර  වසර හතරහමාරක  පමණ කාලයකි.

විත්තිකරු දීර්ඝ නඩු විභාගයකට නොගොස් වරද පිළිගැනීම, ඔහුගේ වයස අවුරුදු 63ක් වීම ඇතුළු කරුණු කිහිපයක් ලිහිල් සහන සැලසීමේදී විනිසුරු මඬුල්ලේ විශේෂ අවධානයට ලක්විය.

සිරදඬුවම් නියම වූ ‘ගෆූර් මාමා’ නමැත්තාට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවලද තවත් නඩු විභාග වෙමින් පවතින බැවින්, ඉදිරියේදී එම අධිකරණ වෙත ඔහු රැගෙන යාමේදී දැඩි විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසද විනිසුරු මඬුල්ල බන්ධනාගාර අධිකාරියට නියම කළේය.

නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් යටතේ ගොනුකර තිබූ මෙම නඩුවේ සමස්ත විත්තිකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකුම මේ වන විට වරද පිළිගෙන දඬුවම් ලබා අවසන්ය.

නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා තමන්ද චෝදනාවලට වරද පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශ කිරීමට අධිකරණයෙන් කල් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8.00ට යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, හෙට පෙරවරු 7.45 වන විට සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කෙරිණි.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

Topics

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...

නාමල් රාජපක්ෂ 28 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron