එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (28) නියෝග කළේය.
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුව අද දින කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී සැකකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවට පමුණුවන ලදී.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, මෙම නඩුව ලබන නොවැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
එදිනට සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙසටද විනිසුරු මඬුල්ල බන්ධනාගාර අධිකාරියට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.


