රටවල් තුනක අවධානය යොමු වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරඟය අද

ආසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට අද වනවිට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.

ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන ගන්නාවිට බංග්ලාදේශය දෙවැනි තැනට ද පත් වී තිබෙන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙනය. ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන ඇෆ්ගනිස්තානය 3 වැනි තැනට පත්වී තිබෙන විට හොංකොං කණ්ඩායම හතරවැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද වනවිට බංග්ලාදේශය සහ හොංකොං සමග තරගවලින් ජයගෙන ඇති අතර බංග්ලාදේශය හොංකොං කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කර තිබේ.

හොංකොං කණ්ඩායම කිසිදු තරගයක් ජයගෙන නොමැත.

ඒ අනුව A කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගය අද පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ.

අද පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් තුනකට තීරණාත්මක තරගයක් ලෙස බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

අද පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට පරාජය වුවහොත් බංග්ලාදේශයට සුපිරි හතරදෙනාගේ වටයට යෑමේ අවස්ථාව හිමිවනු ඇත. යම්හෙයකින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද තරගය ජය ගතහොත් සුපිරි හතර දෙනාගේ වටයට ශ්‍රී ලංකාව සමග ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබනු ඇත.

ඒ ඇෆ්ගනිස්තානය අද වනවිට බංග්ලාදේශයට වඩා ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගැනීම නිසාය.

අද තරගය ශ්‍රී ලංකාවට ද ජයග්‍රහණය ඉතා වැදගත් වනුයේ මූලික වටයේ අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින ස්ථානය සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමේදී වැදගත් වන නිසාය.

අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගතහොත් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්වෙයි.

සුපිරි හතර දෙනාගේ වටයට A සහ B කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් 4ක් තෝරාගනු ලබන අතර එහිදී සුපිරි හතර දෙනාගේ වටයටයේදී තරග 3ක් ක්‍රීඩා කළ යුතු අතර අවසානයේදී තරග 6ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2ක අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron