Wednesday, December 31, 2025
21.7 C
Sri Lanka

රටවල් තුනක අවධානය යොමු වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරඟය අද

ආසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට අද වනවිට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.

ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන ගන්නාවිට බංග්ලාදේශය දෙවැනි තැනට ද පත් වී තිබෙන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙනය. ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන ඇෆ්ගනිස්තානය 3 වැනි තැනට පත්වී තිබෙන විට හොංකොං කණ්ඩායම හතරවැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද වනවිට බංග්ලාදේශය සහ හොංකොං සමග තරගවලින් ජයගෙන ඇති අතර බංග්ලාදේශය හොංකොං කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කර තිබේ.

හොංකොං කණ්ඩායම කිසිදු තරගයක් ජයගෙන නොමැත.

ඒ අනුව A කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගය අද පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ.

අද පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් තුනකට තීරණාත්මක තරගයක් ලෙස බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

අද පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට පරාජය වුවහොත් බංග්ලාදේශයට සුපිරි හතරදෙනාගේ වටයට යෑමේ අවස්ථාව හිමිවනු ඇත. යම්හෙයකින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද තරගය ජය ගතහොත් සුපිරි හතර දෙනාගේ වටයට ශ්‍රී ලංකාව සමග ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබනු ඇත.

ඒ ඇෆ්ගනිස්තානය අද වනවිට බංග්ලාදේශයට වඩා ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගැනීම නිසාය.

අද තරගය ශ්‍රී ලංකාවට ද ජයග්‍රහණය ඉතා වැදගත් වනුයේ මූලික වටයේ අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින ස්ථානය සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමේදී වැදගත් වන නිසාය.

අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගතහොත් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්වෙයි.

සුපිරි හතර දෙනාගේ වටයට A සහ B කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් 4ක් තෝරාගනු ලබන අතර එහිදී සුපිරි හතර දෙනාගේ වටයටයේදී තරග 3ක් ක්‍රීඩා කළ යුතු අතර අවසානයේදී තරග 6ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2ක අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron