ඉන්දික ෆර්ඩ්නෑන්ඩෝගේ ” රහසිගත ලිපිගොනු” නාට්‍ය පසුගිය දා නැවතත් වේදිකා ගත කෙරුණි. රහසිගත ලිපිගොනු නාට්‍ය “Music Melodrama” හෙවත් ” ගීතමය අති නාටක” ශානරයට අයත් වෙන නාට්‍යයක් බව පූර්ව ප්රචාරක අවස්ථාවලදී සඳහන් කර තිබේ.
හැඟීම් පමණ ඉක්මවා දැක්වීම සහ චරිත අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම මේ නාට්‍යමය ශානරයේ ප්‍රධානම ලක්ෂණය වේ. වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සුන්වීම, ආදරය, අහිමි සාමාන්‍ය තත්ත්වයට වඩා ආන්තිකව සහ වැඩිකර දැක්වීමක් මෙවැනි නාට්‍යවල දක්නට ලැබෙන ලක්ෂණයකි. රහසිගත ලිපිගනු නාට්‍යයය තුළ මෙම “Music Melodrama” හෙවත් ” ගීතමය අති නාටක” ලක්ෂණ ප්රබලව දක්නට ලැබේ.
විශේෂයෙන් සමාධි ලක්සිරිගේ චරිතය ස්ථානගත කර තිබෙන්නේ මෙම හැඟීම් සමුදාය එකිනෙකට ගොනු කරමිනි. මෙම නාට්‍ය ප්‍රභේදයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි චරිත ගොඩනගා ඇති ආකාරයයි. මෙම චරිත ඒකාකෘති නැතහොත් එකම ආකෘතියේ චරිත දක්නට ලැබීමයි.
සමාජිකයේ චරිතය සුදු චරිතයක් විදිහට නිරූපණය කෙරුණද එය අළු චරිතයක් විදිහට ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. එමෙන්ම ලක්රංගත් කළු චරිතයක් ලෙස නිරූපණය කර පසුව එය අළු චරිතයක් බවට පරිවර්තනය කරයි. ඒ අනුව මෙම නාට්‍යය තුළ කළු සුදු ලෙස චරිත වෙන්කර දැක්වීමට නොහැකිය.
සාමාන්‍ය නාට්‍යවලට සාපේක්ෂව ආලෝකකරණය සහ සංගීත හැඟීම් සහ චරිත වල ඇතුලාන්තය හෙළි කිරීමේ මාධ්‍යයක් විදිහට මෙම නාට්‍යය තුළ යොදාගෙන තිබේ. සාමාන්‍යයෙන් ලංකාවේ නාට්‍යකරුවන් නොසලකා හරින ආලෝකකරණය සහ සංගීතය ඉතා ප්‍රබල ලෙස රහසිගත ලිපගෙන නාට්‍යයේදී දැකගැනීමට හැකිය.
සාමාන්‍යයෙන් මෙලෝඩ්රාමාවල ශානරයේ නාට්‍යයක් සඳහා භාවිතා කරන්නේ, චිත්තචිත්තවේගී ගැටුම් සහිත අවස්ථා බහුල සහ අන්තර් පුද්ගල ගැටුම් සහිත නාට්‍යමය බව සහ සංවේදී කතා වස්තුවක් සහිත තේමාවක්ය. එමෙන්ම පවුල මූලික කරගත් ආදරය, පවුල් ගැටුම් වැනි කතා ඉදිරිපත් කිරීමත් මෙලෝඩ්‍රාමා වල ස්වභාවය වේ. රහසිගත ලිපිගොනු නාට්‍යයේ තේමාව අදාළ රාමුව තුළ ලියවෙලා තිබේ. එනම් මෙලෝඩ්‍රාමා වල දක්නට ලැබෙන සියලු ලක්ෂණ මෙම නාට්‍යය තුළ දක්නට ලැබේ.
රහසිගත ලිපිගොනු ලංකාවේ සිංහල නාට්‍ය කලාව තුළ වෙනස් සහ දුලබව හමුවන නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.


