දැදුරු ඔයේ දැදුරු මාළුවා ඇල්ලුවොත් රුපියල් 25,000ක් දක්වා මුදල් තෑගි

වැඩියෙන් අල්ලන අයට සම්මානත් දෙයි

දැදුරඔය තුළ ව්‍යාප්ත වෙමින් පවතින “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” නම් මත්ස්‍යා බිලී පිති උපයෝගී කරගෙන ඇල්ලීමේ තරගයක් පැවැත්වීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය කටයුතු කර ඇත. ලබන 20 වැනිදා අලුයම 5.00 සිට දහවල් 1.00 දක්වා දැදුරුඔය ජලාශයේ “නාටියා පාලම” ආසන්නයේදී මෙම තරගය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.

මසුන් ඇල්ලීම සඳහා බිලී පිති පමණක් භාවිත කළ යුතු අතර, දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතා කිරීමට හැකියාවක් නැත. යම් ආකාරයකට තරගකරුවන් භාවිතා කරන බිලී පිතිවලට දැදරු නයා හැර වෙනත් මසුන් අසුවුවහොත් එම සතුන් ආරක්ෂිතව ආපසු මුදා හැරීම තරගකරුවන් විසින් සිදු කළ යුතු වේ. අල්ලා ගන්නා මසුන් බෙදා ගැනීමේ හැකියාවද තරගකරුවන්ට නොමැති බව සංවිධායකයන් සඳහන් කරයි.

දහවල් 1.00 වන විට වැඩිම මසුන් ප්‍රමාණයක් අල්ලා ගන්නා තරගකරුවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ඒ අනුව ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 25,000 ක්, දෙවන ස්ථානයට රුපියල් 15,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් හිමි වනවා ඇත. ඊට අමතරව සම්මාන 10 ක් ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ජයග්‍රහාකයන් තෝරා ගනු ලබන්නේ අල්ලා ගන්නා මසුන් ප්‍රමාණය අනුව මිස බර අනුව නොවන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

දැදුරුඔය තුළ මේ වන විට සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ස්වදේශීය මසුන්ට තර්ජනයක් විය හැකි බවට හඳුනාගෙන ඇති දැදුරු නයා හෙවත්, ජයන්ට් ස්නේක් හෙඩ් නම් මත්ස්‍යයන් ආරක්ෂිතව පරිසරයෙන් ඉවත් කිරීම මෙම තරගය පැවැත්වීමේ අරමුණ බව සංවිධායකයන් සඳහන් කරයි. එමෙන්ම ආක්‍රමණශීලී මසුන් පිළිබඳ ජනතාව දැණුවත් කිරීමටද සංවිධායකයන් මෙහිදී කටයුතු සූදානම් කර ඇත. තරගයට සහභාගි වන අය 076 3834369 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකි බවද සංවිධායකයන් සඳහන් කරයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron