මාලදිවයිනට ගිය නාමල් දිවයිනට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ සංචාරය නිමා කරමින් අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එහිදී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නීතිඥවරු කිහිප දෙනෙකු සහ දේශපාලන ආධාරකරුවන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ ඇති බව වාර්තාවේ.

හම්බන්තොට අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අනුව නාමල් රාජපක්ෂ මහතාව කටුනායක දී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පළ වූ වාර්තා පදනම් කරගෙන මෙලෙස ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ තිබුණි.

එවන් පසුබිමක් තුළ අද (29) උදෑසන 11.30 ට පමණ මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල් 102 තරණ ගුවන් යානයෙන් නාමල් රාජපක්ෂ මහතා කරුණායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. පසුව නාමල් රාජපක්‍ෂ මහතා දහවල් 12.30ට පමණ කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටව ගියේය.

2017 වර්ෂයේදී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් ගොනුකර තිබේ.

එම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනීී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේශාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇති බව පොලිසිය සඳහන්කරයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron