පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයකු මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබේ. ඒ ආන්දෝලනාත්මක ජිප්රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලවය. ව්‍යාජ දත්ත ඇතුළත් කොට ව්‍යාපදිංචි කරන ලද ජප්‍රථයක් පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4 කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජුලි 19 වෙනිදා පස්වරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමඟ ඒ පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමඟ ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු මේ වන විට ඇප මත මුදා හැරර තිබේ.
අදාල ජිප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමකදී අනාවරණය වී ඇත්තේ, එය නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.
පොලිසිය සැක පල කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවය. ජගත් ඉතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජිප් රථය ඔහුගේ පුත්‍රයා භාවිතා කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජෙප් රථය මිලදී ගත් බවය.


