සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම සර්වඥ ධාතු වන්දනා කටයුතු රාජ්‍ය අනුග්‍රය සහිතව සංවිධානය කිරීමට අදාළ මූලික කරුණු සොයා බැලීමට සහ එම පරිශ්‍රය නිරීක්ෂණයට අමාත්‍යවරයා ඊයේ (18) කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී අදහස් දක්මින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය එළැඹෙන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ මූලික වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්ය.

"ඉන්දියාවෙන් වැඩම කරන සර්වඥ ධාතු මේ රටේ ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාවක් උදා කරදීමට පෙබරවාරි 04 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා වැඩ කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.  විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණිමත් සමග එතුමාගේ පැත්තෙන්ම මේ අදහස් ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙම ජනාධිපතිතුමා අපේ රටේ ජනතාවට මේ සර්වඥ ධාතු වන්දනා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රතිචාරයක් දක්වමින් අපේ රටේ ජනතාවට මේ සර්වඥ ධාතු වන්දනා කිරීමට අවස්ථාවක් සැලසෙනවා. ඒ අනුව නිදහස් දිනය අවසන් වූ වහාම මේ ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. එය දින 7ක් පවත්වන්න තමයි දැනට සැලසුම් කරලා තිබෙන්නේ. අපි හිතනවා මෙය අපේ රටේ ජනතාවට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ අපේ රටට මේ ආශිර්වාදයත් වැදගත්. ඒ සියලු කරුණු සලකා බලලා මේ අවස්ථාව සංවිධානය වෙනවා. මේ සම්බන්ධව සාකච්ඡාවක් 21 වැනිදා ජනාධිපතිවරයා කැඳවලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා."

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron