Friday, April 17, 2026
22 C
Sri Lanka

06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්

තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව සඳහන් වේ.

එම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ විය.

මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබේ.

පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක එම විරෝධතා පැවැත්වෙන බව ද සඳහන් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳාව විවිධ අදහස්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බවය.

මේ අතර ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතාවක් රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පැවැත්විණි.

එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක්ද ඇති විය.

කෙසේ වුවද, පළමු ශ්‍රේණියේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ මේ වස­රේදී එලෙ­සම ක්‍රියා­ත්මක කරන බව කැබි­නට් මාධ්‍ය හමු­වේදී කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඊයේ (13) පැව­සු­වේය.

ප්‍රශ්න­ගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ල­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් සිදු කළ විම­ර්ශන වාර්තා­වෙන් ලද ප්‍රති­ඵල මත ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ පාලන සභාව විසින් අදාළ සිදු­වී­මට වග­කිව යුතු නිල­ධා­රීන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මිත බව ද ඇමැති නලින්ද ජය­තිස්ස මහතා කියා සිටි­යේය.

මානව සම්පත් සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය හා පරි­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ, තක්සේරු සහ ඇග­යීමේ කට­යුතු, විෂ­ය­මාලා සංව­ර්ධ­නය සහ මහ­ජන දැනු­ව­ත්භා­වය හා ප්‍රව­ර්ධ­නය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු එලෙ­සම ක්‍රියා­ත්මක කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

“අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල එක කුලු­නක් වන මානව සම්පත් සංව­ර්ධ­නය සඳහා අධ්‍යා­පන පරි­පා­ලන සේව­යට 2017න් පසු බඳවා නොගත් 502ක් බඳවා ගෙන උසස් වීම් 306 දෙන­කුට ලබා දී 800කට වැඩි ප්‍රමා­ණ­ය­කට පුහු­ණු­වීම් ලබා දෙමින් පව­ති­නවා. ගුරු අධ්‍යා­ප­න­ඥ­යන් 580ක් බඳවා ගෙන පුහු­ණු­වීම් කර­ගෙන යනවා. පසු­ගිය කාලයේ දී ගුරු­ව­රුන් 4,134ක් බඳවා ගැනී­මට කට­යුතු කළා. තවත් ගුරු­ව­රුන් 23,344ක් කඩි­න­මින් බඳවා ගන්න කට­යුතු කර­නවා.

6 වැනි ශ්‍රේණියේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ යම් ව්‍යාකූ­ල­ත්ව­යක් ඇති කරන්න කට­යුතු කර­මින් ඉන්නවා. රජය විශ්වාස කර­නවා අවම අවි­ශ්වා­ස­යක් හෝ තියා­ගෙන මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ එලෙ­ස­ටම ඉදි­රි­යට යන්න බැහැ කියලා. යම් වෙන­සක් කළ යුතුයි කියන එක අපි පිළි­ග­න්නවා. මානව සම්පත් සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, තක්සේරු සහ ඇග­යීම, මහ­ජන දැනු­ව­ත්භා­වය සහ ප්‍රව­ර්ධ­නය කියන කරුණු එලෙ­සම පව­ත්වා­ගෙන යනවා.”

යැයි ද හෙතෙම මෙහිදී පැව­සීය.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron