ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේ පසුගිය අප්‍රේල් 02 වැනිදායි.
අනතුරුව එම අනුපාතය ලිහිල් කර ගැනීම සඳහා, ඇමරිකානු වෙළඳ නියෝජිත ආයතනය සමඟ ආණ්ඩුව සාකච්ඡා කළ අතර එම බදු ප්‍රතිශතය 30% ක් දක්වා අඩු කරගැනීම හැකි විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම බදු ප්‍රතිශතයද අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20% ක් දක්වා අඩු කරනු ලැබීය.
මේ අතර ඇමරිකානු තීරු බදු හමුවේ අපනයන වෙළඳපොළ විවිධාංගිකරණය කිරීමට යුරෝපීය, ආසියානු සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපළ නැගී යන අවස්ථා මේ වන විට හඳුනාගෙන ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.
එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඇමරිකානු තීරු බදු බලපෑමට මුහුණ දීමට අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ බවයි.
අභියෝගකාරී කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක් වූ අපනයනකරුවන්ට සහායවීම සඳහා රජයේ මූල්‍ය උපායමාර්ග පිළිබඳව එහි අපනයනකරුවන් දැනුවත් කෙරුණි.


