උතුරු නැගෙනහිර අද හර්තාල්

උතුර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබේ.

පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිස් අතරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සඳහන් කරයි.

එහිදී උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා දමන අතර, පෞද්ගලික අංශයේ බොහෝ ක්‍රියාදාමයන්ද අඩපණ වන බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිලධාරීන් විසින් පහර දුන් බවට චෝදනා එල්ල වූ අතර එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙකු ප්‍රදේශයේ වැවක මිය ගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්ඩායම් 02 ක් විමර්ශන සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වුවද අදාළ තරුණයා මිය යාමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද(18) දිනයේ හර්තල් ව්‍යාපාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇතිි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශක්‍යනාත් රාසමානික්කම් මහතාද පැවසුවේය.

මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහාය පළ කරන බව පසුගියදා සඳහන් කළේය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදු කරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ සහ නැගෙනහිර ජනතාව අතර කැළඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron