සරණ ගුණවර්ධනට වසර 4ක සිරදඬුවමක්

සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කළා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා,

මෙම චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරුණු අතර, එක් එක් චෝදනාව සඳහා වසර 04 බැගින් වූ සිරදඬුවම් නියම වුණා.

එම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යා යුතු බවට අධිකරණය නියෝග කළා.

මීට අමතරව, එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වූ අතර, එම දඩ මුදල් පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් වන පරිදි අමතර සිරදඬුවම් විඳිය යුතු බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම නඩුවේ පැවති චෝදනා 06න් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා පියවර ගනු ලැබුවා.

ඉතිරි චෝදනා 04 සඳහා වරදකරු කෙරුණු ඔහුට, එක් චෝදනාවකට වසර 04 බැගින් එකවර ගෙවී යන සිරදඬුවම් නියම වුණා.

එමෙන්ම, එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැනවූ දඩ මුදල් නොගෙවන්නේ නම්, එක් චෝදනාවකට මාස 06 බැගින් වන සේ අමතර සිරදඬුවම් පනවනු ලැබුවා.

පසුගිය 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදුකරමින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු පවරා තිබුණා.  

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron