සලේට දිනපතා නීතිඥවරු හමුවීමේ ඉල්ලීම CIDය ප්‍රතික්ෂේප කරයි

මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අධිකරණ නියෝගවලින් පිටතට ගොස් දිනපතා හමුවීමට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට CIDය පියවර ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය වෙත ලිඛිතව කරුණු දක්වමින් මේ බව දැනුම් දී තිබුණා.

සතියේ දින 5 පුරා සිය සැමියාට නීතිඥ අසිත සිරිවර්ධන මහතා හමුවීමට අවසර දෙන ලෙස ඇය කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් CID අධ්‍යක්ෂවරයා මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

සුරේෂ් සලේ මහතා මේ වන විට රෝහල්ගතව සිටින බැවින්, ඔහුගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ විමර්ශනයක් සිදු වෙන්නේ නැහැ.

එබැවින් මෙම අවස්ථාවේදී දෛනිකව නීතිඥ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව CIDය පෙන්වා දෙනවා.

දෛනිකව නීතිඥවරයා හමුවීමට අවසර ඉල්ලා සිටින්නේ, ඒ හරහා දිනපතා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේ දේශපාලනික අරමුණකින් බව අදාළ පිළිතුරු ලිපියේ සඳහන් වනවා.

නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමි වී, සුවය ලැබීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බව CID අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබෙන්වා.

කෙසේ වුවද, ඔහුට නීතිඥ සහාය ලබා ගැනීම සීමා කර නොමැති අතර, අධිකරණය නියෝග කර ඇති පරිදි සතියකට වතාවක් එනම් සෑම බදාදා දිනකම ඔහුව හමුවීමට නීතිඥවරුන්ට අවස්ථාව පවතිනවා.

නීතිඥ හමුවීම් සීමා කළද, පවුලේ සාමාජිකයින්ට ඔහුව බැලීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැබවත්, සුරේෂ් සලේ මහතාගේ බිරිඳට, දියණියට සහ පුතාට දවසේ ඕනෑම වේලාවක, අවස්ථා කිහිපයකදී වුවද රෝහලට ගොස් ඔහුව බැලීමට පූර්ණ අවසරය ලබා දී ඇති බවත් CIDය අවධාරණය කරනවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron