මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
තැපැල් මලු තොගයක් ප්‍රවාහනය කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව වාර්තාවේ.
තැපැල් සේවක වර්ජනය අද 05 පස්සන දිනටත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළේය.
ඒ තැපැල්පති රුවන් සරත් කුමාර විසින් සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.
එමෙන්ම, සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු මේ මස 17 වැනි දා සිට අවලංගු බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සේවකයන්ට අගෝස්තු මස වැටුප් ගෙවීමට මුදල් නිදහස් නොකරන බවට මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බවත් තැපැල් ප්‍රතිවරයා සඳහන්ය.
දැනටමත් ගොඩ ගැසී ඇති ලිපි සහ පාර්සල් බෙදා හැරීම සඳහා ආරක්ෂක අංශය සතු මෝටර් රථ ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද තැපැල්පතිවරයා කියා සිටියේය.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
මෙම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද සහයෝගය පළකර ඇති බවව සඳහන්වේ.
මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.


