රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ආරක්ෂක හේතූන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාපුර විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අරගලයට පහර දීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයකටය.
2022 වසරේ මැයි 09 වන දා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.


