ශෂේන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අරගල සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාලව, වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(25) ඉල්ලා සිටියේ, කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 88850000.00 ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කළ ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත ශෂීන්ද්‍ර රාජපක්ෂ නඩුව විභාග කර අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන පොදු දේපළ පනතෙහි වගන්තිවලට ගැනෙන වැරදි බැවින් හා දූෂණ විරෝධී පනතේ 139 වගන්තියට අයත්වන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සෙවනගල, කිරි ඉබ්බන්වැව, සමගිපුර පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාල ඇතුළු දේපළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේදී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා වන්දි මුදල් ලබා ගැනීම සිදුකර ඇති බවට පවසමින් අල්ලස් කොමිසම කරුණු ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළේය.

අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ කරුණු සලකා බැලිය යුතු හෙයින් පැමිණිල්ල පසුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීම සඳහා පැමිණිල්ල යළි කැඳවීමට නියමිතයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron