දිලීප පීරිස්ට තර්ජන

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ට ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ ජීවිතයට හානියක් කිරීමට සැලසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි.

දිලීප පීරිස් මහතාගේ නිවසට මෙන්ම ඔහුගේ ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයක් මත මෙම පියවර ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් දිලීප පීරිස්ට හානි කිරීම සඳහා සැලසුම් සකස් කරන බවට පසුගිය සෙනසුරාදා (23) රාත්‍රියේ බුද්ධි තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

2023 වසරේදී මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ගේ ධූරය අහිමිවීමට හේතු වූ W15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවට අදාළව ඇතුළු ආන්දෝලනයට තුඩු දුන් නඩු ගණනාවකට අතිරේක සොලිස්ට ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිට තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron