“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි මත පමණක් නොව ඒවා ක්‍රියාත්මක වන ආකාරය මත බවත්, මූල්‍ය අපරාධ වැළැක්වීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම (APG) විසින් මෙහෙයවනු ලබන මෙම ඇගයීම, මූල්‍ය අපරාධ වැළැක්වීමේ ප්‍රගතිය ජාත්‍යන්තරයට පෙන්වීමට ලැබෙන හොඳ අවස්ථාවක් බවද ඇය පෙන්වා දුන්නාය.

දූෂණය හේතුවෙන් මූල්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට බලපාන බව අවධාරණය කළ අගමැතිනිය, එම විශ්වාසය යළි ගොඩනැඟීමට විනිවිදභාවය, වගවීම සහ නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පැවසුවාය. තවද, ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

Topics

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron