රටවල් 13ක සැඟව සිටින රතු වරෙන්තුකරුවන් 112ක් 2027 වන විට මෙරටට.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති මෙරට ප්‍රබල අපරාධකරුවන් 112 දෙනෙකු ලොව රටවල් 13ක සැඟව සිටින බව හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනා 2027 වසර වන විට මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

අද (29) පැවති මාධ්‍ය හමුවකදී “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් කළු සල්ලිවලින් මිලදී ගත් දේපොළ සොයා පොලිස් විශේෂ අංශ දෙකක් පැය 24 පුරාම විමර්ශන මෙහෙයවන බවයි. ඒ අනුව, රාජසන්තක කිරීමට සැලසුම් කර ඇති නීතිවිරෝධී වත්කම්වල වටිනාකම 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක් වූ අතර, 2026 වසරේ මේ දක්වා එම අගය රුපියල් මිලියන 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ. රන් ආභරණ, යානවාහන, ඉඩකඩම් සහ බැංකු තැන්පතු එම දේපොළ අතර වේ.

වසරක් සපිරෙන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 5,743 දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන ඇති අතර, ඉන් 450 දෙනෙකුගේ අයථා වත්කම් පිළිබඳව විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.

එමෙන්ම පසුගිය වසර දෙක තුළ සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 4,483ක්, අයිස් (ICE) කිලෝග්‍රෑම් 7,129ක්, ගංජා කිලෝග්‍රෑම් 33,277ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 333ක් වැනි දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අයිස්, හෙරොයින් හෝ කොකේන් ග්‍රෑම් 5කට වඩා සන්තකයේ තබාගන්නා ජාවාරම්කරුවන්ට මහාධිකරණ නඩු විභාගයකින් පසු මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බව සිහිපත් කළ වුට්ලර් මහතා, මෙම මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසියට ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය අඛණ්ඩව ලැබෙන බව ද අවධාරණය කළේය.

Hot this week

අප්‍රිකානු සූකර උණ යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක්,මිනිසුන්ට හානියක් නැ.

මාරාන්තික අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස...

නාමල්ගේ රුපියල් මිලියන 15 මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන්...

හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන...

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

පිරමීඩ ජාවාරම් නමමින් සමාගම් සහ ඇප් 27ක් මහ බැංකුවෙන් තහනම්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම...

Topics

හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ සේවය වහාම අත්හිටුවයි.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර,...

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron