ගොවීන්ටත් ඩිජිටල් තාක්ෂණය

සම්ප්‍රදායික ගොවීන් “ස්මාර්ට් ගොවීන්” කරන “Colombo Robotics Meetup 2025”

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ NSBM Green University සමඟ ඒකාබද්ධව රට තුළ සාම්ප්‍රදායික ක්‍රමවේදවලට සීමා වී සිටින ගොවීන් “සුහුරු ගොවීන්” (Smart Farmer) ලෙස පරිවර්ථනය කිරීම සඳහා “Colombo Robotics Meetup 2025” නම් වැඩසටහනක් දියත් කර තිබෙනවා.

මෙම වැඩසටහන එළඹෙන සැප්තැම්බර් මස 12 වැනි දා NSBM Green University පරිශ්‍රයේදී පැවැත්විමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට රොබෝ විද්‍යාව සහ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදී සාම්ප්‍රදායික ගොවීන් ඔවුන්ගේ සීමාවන්ගෙන් මුදවා ගෙන නව මඟකට යොමු කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්, NSBM හරිත විශ්ව විද්‍යාලය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA), පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික මුලපිරීම (NIRDC) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යන ආයතන ඒකාබද්ධ වීමද විශේෂත්වයක්.

එම වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (04) ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ අතර මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, NSBM විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය වරලත් ඉංජිනේරු ලසිත් බාලසූරිය මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමිතා ජයවර්ධන මහත්මිය, ජාතික ව්‍යසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගේ මහතා සහභාගී වූ අතර ලන්ඩන් ඉම්පිරියෙල් කොලේජ් හි මහාචාර්ය ක්‍රිෂාන්ත නානායක්කාර මහතා සූම් යෙදවුම ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron