ඉන්දික ෆර්ඩ්නෑන්ඩෝගේ රහසිගත ලිපි ගොනු

ඉන්දික ෆර්ඩ්නෑන්ඩෝගේ ” රහසිගත ලිපිගොනු” නාට්‍ය පසුගිය දා නැවතත් වේදිකා ගත කෙරුණි. රහසිගත ලිපිගොනු නාට්‍ය “Music Melodrama” හෙවත් ” ගීතමය අති නාටක” ශානරයට අයත් වෙන නාට්‍යයක් බව පූර්ව ප්‍රචාරක අවස්ථාවලදී සඳහන් කර තිබේ.

හැඟීම් පමණ ඉක්මවා දැක්වීම සහ චරිත අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම මේ නාට්‍යමය ශානරයේ ප්‍රධානම ලක්ෂණය වේ. වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සුන්වීම, ආදරය, අහිමි සාමාන්‍ය තත්ත්වයට වඩා ආන්තිකව සහ වැඩිකර දැක්වීමක් මෙවැනි නාට්‍යවල දක්නට ලැබෙන ලක්ෂණයකි. රහසිගත ලිපිගනු නාට්‍යයය තුළ මෙම “Music Melodrama” හෙවත් ” ගීතමය අති නාටක” ලක්ෂණ ප්‍රබලව දක්නට ලැබේ.

විශේෂයෙන් සමාධි ලක්සිරිගේ චරිතය ස්ථානගත කර තිබෙන්නේ මෙම හැඟීම් සමුදාය එකිනෙකට ගොනු කරමිනි. මෙම නාට්‍ය ප්‍රභේදයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි චරිත ගොඩනගා ඇති ආකාරයයි. මෙම චරිත ඒකාකෘති නැතහොත් එකම ආකෘතියේ චරිත දක්නට ලැබීමයි.

සමාජිකයේ චරිතය සුදු චරිතයක් විදිහට නිරූපණය කෙරුණද එය අළු චරිතයක් විදිහට ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. එමෙන්ම ලක්රංගත් කළු චරිතයක් ලෙස නිරූපණය කර පසුව එය අළු චරිතයක් බවට පරිවර්තනය කරයි. ඒ අනුව මෙම නාට්‍යය තුළ කළු සුදු ලෙස චරිත වෙන්කර දැක්වීමට නොහැකිය.

සාමාන්‍ය නාට්‍යවලට සාපේක්ෂව ආලෝකකරණය සහ සංගීත හැඟීම් සහ චරිත වල ඇතුලාන්තය හෙළි කිරීමේ මාධ්‍යයක් විදිහට මෙම නාට්‍යය තුළ යොදාගෙන තිබේ. සාමාන්‍යයෙන් ලංකාවේ නාට්‍යකරුවන් නොසලකා හරින ආලෝකකරණය සහ සංගීතය ඉතා ප්‍රබල ලෙස රහසිගත ලිපගෙන නාට්‍යයේදී දැකගැනීමට හැකිය.

සාමාන්‍යයෙන් මෙලෝඩ්‍රාමාවල ශානරයේ නාට්‍යයක් සඳහා භාවිතා කරන්නේ, චිත්තචිත්තවේගී ගැටුම් සහිත අවස්ථා බහුල සහ අන්තර් පුද්ගල ගැටුම් සහිත නාට්‍යමය බව සහ සංවේදී කතා වස්තුවක් සහිත තේමාවක්ය. එමෙන්ම පවුල මූලික කරගත් ආදරය, පවුල් ගැටුම් වැනි කතා ඉදිරිපත් කිරීමත් මෙලෝඩ්‍රාමා වල ස්වභාවය වේ. රහසිගත ලිපිගොනු නාට්‍යයේ තේමාව අදාළ රාමුව තුළ ලියවෙලා තිබේ. එනම් මෙලෝඩ්‍රාමා වල දක්නට ලැබෙන සියලු ලක්ෂණ මෙම නාට්‍යය තුළ දක්නට ලැබේ.

රහසිගත ලිපිගොනු ලංකාවේ සිංහල නාට්‍ය කලාව තුළ වෙනස් සහ දුලබව හමුවන නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron