ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100ක්
මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 2000ක් ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර ඇතිි අතර, 08 දෙදෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් සහිතව මෙම මධ්‍යස්ථානයේදී සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙරට ජනතාවට වර්තමානයේදී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේදී ලබාදීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Center) ව්‍යාපෘතිය පිළිබඳ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Offcers -PHNO) දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.


