වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 07 ක් කඩිනමින් විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුවක්තලේ, නාචච්දූව, නාච්චදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත් පටුනාව, යන අලි කොරිඩෝ ඒ අතරට ඇතුලත් වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. එලෙස අලි කොරිඩෝ 07 ක් විවෘත කරන්නේ, අලි මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙසයි.


