මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්වයක්

මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තැපැල් මලු තොගයක් ප්‍රවාහනය කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව වාර්තාවේ.

තැපැල් සේවක වර්ජනය අද 05 පස්සන දිනටත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළේය.

ඒ තැපැල්පති රුවන් සරත් කුමාර විසින් සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.

එමෙන්ම, සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු මේ මස 17 වැනි දා සිට අවලංගු බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සේවකයන්ට අගෝස්තු මස වැටුප් ගෙවීමට මුදල් නිදහස් නොකරන බවට මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බවත් තැපැල් ප්‍රතිවරයා සඳහන්ය.

දැනටමත් ගොඩ ගැසී ඇති ලිපි සහ පාර්සල් බෙදා හැරීම සඳහා ආරක්ෂක අංශය සතු මෝටර් රථ ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද තැපැල්පතිවරයා කියා සිටියේය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

මෙම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද සහයෝගය පළකර ඇති බවව සඳහන්වේ.
මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron