රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ( අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබුණු අතර, ජුලි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබේ.

2022 ජුලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23 කට සහභාගි වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අයවැය ශීර්ෂය යටතේ , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් එක් වර්ෂය සඳහා වැය කර ඇති වියදම් පහත පරිදිය.

2022 වර්ෂයේදී රුපියල් 129,316,753
2023 වර්ෂයේදී රුපියල් 577,964,372
2024 වර්ෂයේදී රුපියල් 300,065,855

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron