හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (29) පෙරවරුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත බාර වීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
2006 වසරේ පුද්ගලයෙකුට කරන ලද පහරදීමකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.


