නුගේගොඩ අධිකරණයට පැමිණි පූජ්‍ය අතුරලීය රතන හිමියන් සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, 2020 වසරේ මහ මැතිවරණයේ අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාලව එම පක්ෂයේ ලේකම් වේදනීගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට එල්ලූ චෝදනාවක් සම්බන්ධයෙනි.
මෙම සිදුවීමට කෙරෙන විමර්ශනවලට අදාළව අගෝස්තු 18 වෙනදා නුගේගොඩ අධිකරණය මගින් රතන හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබෙන අතර වරෙන්තු නිකුත් කර සිටි රතන හිමියන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


