දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
ඒ අනුව සැකකරු ලබන 12 වෙනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද (29) නියෝග කළේය.


