ආසිරි හොස්පිටල් අශෝක් පතිරගේ සහ අනිත් ලොක්කන්ට ඇප.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝග ලැබූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ අශෝක් පතිරගේ ඇතුළු චූදිතයන් 7 දෙනෙකු අද (26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඊයේ (25) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගයට නොතකා සිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.

මේ පිළිබද මාධ්‍යවේදී සදුන් ප්‍රියංකර විතානගේ ලියූ සටහනක් පහත දැක්වේ.

ඊයේ (25) දිනයේ මහජන අවධානයට ලක් විය යුතු නියෝගයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීලා තිබුණා.

ඒ සොෆ්ට්ලොජික් වැනි මහා ව්‍යාපාරවල අධිපතියෙක් වෙන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරු පිරිස අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.

මොන හේතුවකට ද ඒ?

අනුග්‍රාහකත්ව ප්‍රශ්න නිසා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් එළියට නොආපු කතාවක් මේකට සම්බන්ධ බව කියන්නට ඕන. නෛතික කරුණු විස්තර නැතිව සැකෙවින් මේ ගැන කිව්වොත්,

2023 වසරේ දී නුගේගොඩ පදිංචි මවක් රෝගාතුර වෙනවා, ඇයගේ පුත්‍රයා වන සනත් අතුකෝරල ඇයව නාරාහේන්පිට ආසිරි‌ රෝහලට ඇතුළත් කරනවා. ප්‍රතිකාරවලින් පසු එහි ඖෂධහලෙන් මිලට ගන්නා ඖෂධ මිල පරීක්ෂා කිරීමේදී හෙළි වෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරි පණත මගින් නියම කරලා තියන මිලට වඩා ඉතා ඉහළ මිලකට ඖෂධ ගණනාවක් නිකුත් කරලා බිල් කරලා කියලා.

උදාහරණයක් විදිහට රුපියල් 200කට ආසන්න මිලකට එවක තිබු සේලයින් බෝතලයකට රුපියල් 1200ක වගෙ මිලක් නියම කර අය කිරීමක්.
මෙහිදී සනත් අතුකෝරල නීතිය ඉදිරියට යන්න තීරණය කරනවා. ඒ වෙලාවෙ වගකිව යුතු කිසිදු ආයතනයකින් හොඳ සහයෝගයක් නොලැබුණත් ඔහු ඒ සටන ගෙනියනවා කියන ස්ථාවරයේ ඉන්නවා. මේ සටන අතරමැද්දෙ තමයි සනත්ව මටත් හමුවෙන්නෙ. රෝහලෙන් සන්තෝසමක් අරන් ඒක අමතක කරලා දාන්න ඔහුට ඕනෑ තරම් ඉඩ තිබුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. කොහොම නමුත් මේ අසාධාරණයට විරුද්ධව ඔහු නොනැවතී සටන් කරන්න තීරණය කරනවා.

මෙහි අතරමැදකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔහු සමඟ එක් වෙනවා.

මේ නඩු කටයුත්ත කියන්නෙ ඇත්තටම ඇති හැකි සල්ලිකාරයන් සහ නීතිය අතර ද්වන්ද සටනක් කියලා කියන්න පුළුවන් ජාතියෙ පර්යේෂණ විෂයක්.

මෙම නඩුකරය අතර මැද්දෙ හරි හරි දේවල් සිද්ධ වෙනවා.

මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ නිවාඩු ලබාගත් අවස්ථාවේ වැඩබලන මහේස්ත්‍රාත්වරියක් කැඳවගෙන, පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙකුත් නැතුව චෝදනා සියල්ලටම වරද පිළිගෙන ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් 25000ක දඩයකුත් ගෙවලා නඩුව ඉවර කරගන්නවා.
ඒත් ඒ විදිහට මේක යටපත් වෙන්න ලැබෙන්නෑ. අදාළ වැඩබලන මහේස්ත්‍රාත්වරියට එදිරිව විමර්ශනයක් පවා ඇරඹෙනවා.

ඔබ අප කවුරුත් දැකලා තියනවා, ඖෂධ අලෙවියෙදී යම් වරදක් සිදු වුණාම අදාළ ෆාමසි හිමිකරුවන් ජනතාවගෙන් සමාව ඉල්ලලා භාෂා තුනෙන් පුවත්පත් දැන්වීමක් පළ කරනවා. ඒක මෙවැනි නඩුවක වරදකරුවන්ට අදාළ වැදගත්ම නියෝගයක්. ඒ වගෙම මෙම නඩුවේ චෝදනාවලට අනුව ලක්ෂ ගණනක දඩයක් නියම විය හැකි වුණත් අදාළ ප්‍රශ්නගත තීන්දුවෙ දඩය රුපියල් 25000ක්.

නීතිය පිළිබඳ විශ්වාසය සනත් අතුකෝරල කෙරේ බිඳ නොදමා නඩුව නැවත කැඳවෙනවා. මෙහි තිබෙන විශේෂම දේ තමයි කිසිදු අවස්ථාවක මෙම නඩුවේ චූදිතයන් අධිකරණය හමුවට නොපැමිණීම. අදාළ පුවත්පත් දැන්වීම පළ නොකර සහ අධිකරණය හමුවට නොපැමිණ මෙය අවසන් කරගන්නට ඔවුන්ට බොහෝ වුවමනාවක් තිබුණ බව නිරීක්ෂණය කරන්න පුළුවන්.

ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ කීර්තිය සහ ව්‍යාපාරයේ සන්නාම කීර්තිය පැත්තෙන් සලකලා ඔවුන් මේ වටවංගුව ගහන බව පෙනෙන්නට තිබෙනවා.

කොහොම වුණත්, ඊයේ ලබා දුන් අධිකරණ නියෝගයේ තිබෙන්නේ, ඉතා වැදගත් යමක්. එහිදී පැවසෙන දේ තමයි පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් නීතියට ඉහළින් නෑ කියන එක. ඔවුන් පමණක් නොවෙයි, කිසිවෙකුත් නීතියට ඉහළින් සිටිය නොහැකියි.

ව්‍යාපාරිකයන්ගේ ගොඩනැගීමේ මාර ධනාත්මක සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන පම්පෝරි දෙසන කිසිවෙකු අන්ත අසරණ බවට පැමිණි රෝගීන් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන අමු අමුවේ මංකොල්ල කෑම ගැන කිසිවක් කියන්නේ නැහැ.

මෙයට පෙරත් මේ ගැන අප දීර්ඝව සඳහන් කළා. තවත් අවස්ථාවක වෙනත් පෞද්ගලික රෝහලක නොපණත්කමක් ගැන එවක අපගේ වෙබ් අඩවියේ පළ කළ විට අපට සන්තෝසම් ලබා දෙන්නට සූදානම් වුණා. (ඒවායේ හඬ පට තිබෙනවා.)

තනි මිනිසෙක් පසු නොබා පොදු යුක්තියක් වෙනුවෙන් කළ සටන වෙනුවෙන් සියලු දෙනා වචනයකින් හෝ දායක වීම අත්‍යාවශ්‍ය දෙයක්!

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron