Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

දරුවන්ට සවන් දෙන්න.. ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න..

ලෝක ළමා දිනය අදයි.

අනාගතයට සවන් දෙන්න, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න යන තේමාව මූලික කරගෙන, වඩා හොඳ ලෝකයක් හැඩගැස්වීමට සහ ළමයින්ගේ විශ්වීය මානව හිමිකම් ආරක්ෂා කිරීමට දරුවන්ට හඬක් ලබා දීම මූලික පරමාර්තය පෙරදැරිව මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.

එවැනි පසුබිමක ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙයක් තමයි දරුවන්ට එරෙහිව ශාරීරික දඬුවම්වලට එරෙහි කෙටුම්පත සාකච්ඡාවට ගැනීම.

සංඛ්‍යා ලේඛනවලට අනූව ලොව පුරා ළමුන් බිලියන 1.2ක් පමණ වාර්ෂිකව නිවසේදී ශාරීරික දණ්ඩනයන්ට ලක්වන බව (අවුරුදු 0-18ත් අතර ළමුන්) ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව (UN Committee on the Rights of the Child) ශාරීරික දඬුවම් අර්ථ දක්වා ඇත්තේ, “කෙතරම් සුළු වුව ද, ශාරීරික බලය භාවිත කර යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීමට අදහස් කරන ඕනෑ ම දඬුවමක්,” ශාරීරික දඬුවමක් ලෙසයි.

එම කමිටුවට අනුව, බොහෝදුරට ළමයින්ට අතින් හෝ උපකරණයකින් (කස, කෝටුව, පටිය, සපත්තුව, ලී හැන්දක් හෝ ඒ හා සමාන) පහර දීම ඇතුළත් වේ, නමුත් එයට උදාහරණයක් ලෙස ළමයින්ට පයින් ගැසීම, සෙලවීම හෝ විසි කිරීම, සීරීම, ඇණ ගැසීම, සපා කෑම, හිසකෙස් ඇදීම හෝ කන් මිරිකීම, ළමයින් අපහසුතාවට පත් ස්ථානවල රැඳී සිටීමට බල කිරීම, පිළිස්සීම හෝ බලහත්කාරයෙන් යමක් ශරීරගත කිරීම ද ශාරීරික දඬුවම් යටතට ගැනේ.

අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, ශාරීරික දඬුවම් වාර ගණන වැඩි වන විට ළමයින්ගේ ආක්‍රමණශීලීත්වය සහ ගණිතයට සහ කියවීමට ඇති හැකියාව අඩු වන බව ය. ඊට අමතරව, ශාරීරික හිංසන හරහා ළමුන්ගේ පෞරුෂත්වය, නිර්මාණශීලීත්වය, මානසික ශක්තිය ආදී ධනාත්මක තත්ත්වයන් හීන වන බව විශේෂඥයින්ගේ අදහස යි.

හිංසනයෙන් තොර වූ අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ළමුන්ට එරෙහිව ශාරීරික දණ්ඩනයට විරුද්ධවෙමු.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron