Tuesday, December 30, 2025
20.4 C
Sri Lanka

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

Lanka Government Cloud – (LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.

මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මීට අයිති වේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටී.

මේ අතරතුර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, සහතික පිටපත්, අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධති වල සහය නොමැතිව (Manually) ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි පරිදි දැනුම් දී ඇත.

LGC සේවාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මස දී ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

ICTA ආයතනය මහජනතාවට සහ LGC හි සත්කාරකත්වය දරන ආයතනවලට සිදු වූ අසීරුතාවය පිළිබඳව තම බලවත් කනගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් මාර්ගගත සේවාවන්හි පූර්ණ ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට සියලු ප්‍රයත්නයන් දරන බව යළිත් සහතික කරයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron