භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක්

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ගෝලීය වශයෙන් වන විනාශය සහ වන විනාශයට සම්බන්ධ නිෂ්පාදන ආනයනය සහ අපනයනය වැළැක්වීම අරමුණු කර ගනිමින් යුරෝපා සංගමය විසින් ඔවුන්ගේ සාමාජික රටවල් වෙත රබර් ආශ්‍රිත නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය අපනයනනය කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි (EUDR) හඳුන්වා දී ඇත. මෙහි ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙස රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වගා කරන ප්‍රදේශ නිවැරදිව සිතියම්ගත කිරීම අවශ්‍ය වේ.

එබැවින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙල යටතේ 2025 වසර තුලදී සියළු කුඩා රබර් ඉඩම්වල භූ ඛණ්ඩාංක ලබා ගැනීමට බලාපොරොත්තු වේ. මෙම ඉඩම් සිතියම්ගත කිරීමේ කටයුතුවලින් පසුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව QR කේතයක් ගොවීන් වෙත අය කිරීමකින් තොරව නිකුත් කරන අතර, රබර් නිෂ්පාදන වෙළඳුන් වෙත විකිණීමේදී ගොවීන් විසින් මෙම QR කේතයේ ඇතුලත් තොරතුරුද වෙළඳුන් වෙත සැපයිය අනිවාර්ය වේ.

ඒ අනුව රබර් ඉඩම් මැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ක්ෂේත්‍රය වෙත පැමිණීමේදී කුඩා වතු හිමියන් වෙත කැඳවීමක් ලද විට. වතු හිමියන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේන අතර එම අවස්ථාවේ දී ඉඩම් හඳුනා ගැනීමේ පහසුව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද රබර් සිටුවීමේ බලපත්‍රය, ඉඩමේ ඔප්පු හෝ වෙනත් නෛතික ලියකියවිලි හා ඉඩමේ සැලැස්ම / පිඹුර ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලිමක් සිදු කරයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron