ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අනුමැතිය

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීමට විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත (Coherent) තිරුබදු රාමුවක් ස්ථාපනය කිරීමට ජාතික තීරු බදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබ ඇත.

අදාළ බදු සම්බන්ධිත අණපනත් සමග අනුකූලතාවය සහතික කිරීම සහ එකි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-11-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, ජාතික තිරු බදු ප්‍රතිපත්ති කමිටුව විසින් මෑතකාලීන ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ ඒ වෙළෙඳ කටයුතු ආශ්‍රිත දත්ත මෙන් ම අදාළ වන නීති අණපනත් සමග පූර්ණ වශයෙන් අනුකූල නොවන තීරුබදු ප්‍රතිපත්තියේ විධිවිධාන පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කරනු ලැබ ඇතැයි රජය සඳහන් කරයි.

එසේ ම, ජාතික තිරුබදු ප්‍රතිපත්තියේ ව්‍යාකූලතාවන් ඉවත් කිරීම සහ ප්‍රතිපත්තිමය විධි විධාන හා ව්‍යාවස්ථාපිත අවශ්‍යතා සමග අනුකූලතාව සහතික කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ලබා දෙනු ලැබ ඇති නිරීක්ෂණ ද එකී සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන ඇති බව ඊට අදාළව නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

ඒ අනුව, ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව යාවත්කාලීන කළ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගුරු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Hot this week

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron