Wednesday, April 8, 2026
31.2 C
Sri Lanka

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම අද (08) සිදු කෙරුණි.

ඒ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණු අතර ජනතාවට වැඩි පහසුකම් සහිතව බස්නැවතුම්පොළ නවීකරණයට ලක් කිරීම මෙහි අරමුණ වී තිබුණි.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ බස් නැවතුම්පො‍ළේ ගොඩනැගිලි නවීකරණය කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, හා අවට අලංකරණය යනාදිය සිදුකර තිබේ. 

මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීමේ කටයුතු ද හෙට (09) ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරෙන එම නවීකරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් බිලියන 2.1කට අධික වන අතර නවීකරණ කටයුතු මාස 15ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.

Hot this week

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා...

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා...

Topics

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ...

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron