දිවි සැරිය නිම කළ මරියසෙල් ගුණතිලක.

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.

වයස අවුරුදු 7න් ඇරඹි ගායන දිවිය

1958 ජූනි 11 වන දා නුගේගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ මරියසෙල් ගුණතිලක සිය සංගීත දිවිය ආරම්භ කළේ, වයස අවුරුදු 7දී ය.

ඇය නුගේගොඩ, ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය.

වයස අවුරුදු 10දී ඇය 1970 වසරේ පැවති Sunday Observer Talent Search නමැති ගායන තරගයේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහිකාව වූවා ය.

එම ජයග්‍රහණයෙන් පසුව යොවුන් සංගීත කණ්ඩායමක් වූ Junior Rhythmiers සමග එක්වීමට අවස්ථාව උදා විය.

60 දශකයේදී එම සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව, Emeralds සහ The Midnight Mist යන සංගීත කණ්ඩායම්වල ද ඇය ගායිකාවක ලෙස කටයුතු කළා ය.

ලක්ෂය ‘කැන්ඩි ළමිස්සි’

සිංහල සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, ‘කැන්ඩි ළමිස්සි’ ගීතය යි.

1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්‍රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.

ඉන්පසු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මග පෙන්වීම යටතේ, ‘යොවුන් සිහින ලෝකේ’ ගීතය හරහා ඇයි තවදුරටත් ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනාදරයට පත්වූවා ය.

බයිලා ශෛලිය සමග බැඳී තිබූ ඇයගේ ගීත ගායනය, ආචාර්ය අජන්තා රණසිංහයන් රචනා කළ ‘සිහින නෙළුම් මල්’ ගීතය සහ වසන්ත කුමාර කොබවක රචනා කර, නවරත්න ගමගේ සංගීතවත් කළ ‘බිම්මලට පිපෙන්නට’ (සතිපූජා ටෙලිනාට්‍යය) යන ගීත හරහා වෙනස් මගකට අවතීර්ණ විය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron