වස්කවියක් නිසා තරුණයෙකු පොලිස් ගෙනා බවට ගිය ව්‍යාජ ප්‍රචාරය ගැන පරීක්ෂණ!

වස්කවියක් ලියූ බවට සැකපිට තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් මඟින් සිදුකර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම සිදුවීම වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ජාලාවල අදාළ වීඩියෝ පටය සංසරණය වී තිබූ අතර, පොලිස්පතිවරයාගේ සෘජු නියමයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මේ පිළිබඳ විමර්ශන මෙහෙයවනු ලබයි.

මේ අතර, අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුකළ බව කියන නීතිඥ සුදත් වික්‍රමරත්න මහතාගෙන් පසුගිය 26 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකිරීමේ අරමුණ සහ ඊට සම්බන්ධ සෙසු පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Hot this week

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට...

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

Topics

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron