පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිළදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට, නිවාස අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2022 – 05 -09 දින රට තුළ ඇතිවූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022-07- 04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
ඉන් අනතුරුව එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 15.5 ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22 ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.4ක් ලෙස සහ උපරිම වටිනාකම මිලියන 18.21 ක් ලෙස අඩු කර සහනදායේ ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15 ක කාලයක් තුළ වාර්ෂිකව 10% ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024 – 07- 15 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරුන් 29 ක් 2024 – 12 – 31 දින වන විට විකුණුම් මිලෙන් 25% ක මුදලක් තැන්පත් කර තිබේ.
එහෙත් මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126 ක පමණ පාඩුවක් විදීමට සිදුවී ඇති අතර, දන්න ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
එම නිසා ඉහත පරිදි අනුමත කර ඇති සහනදායේ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම්, සාමාන්‍ය ජනතාවට එම නිවස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත්, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


