පිටදීප දේසවලට කීර්තිය ගෙනෙන ශ්‍රී ලාංකීය ජාන

ආසියානු කුසලාන සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගයේදි ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය. එම තරගයේ බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේ බංග්ලාදේශ ආරම්භක පිතිකරු සයිෆ් හසන්ය. 2020 වසරේදි බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම උදාකරගත් 27 හැවිරිදි සයිෆ්ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවකි.

අද සටහන එලෙස ශ්‍රී ලාංකේය ජාන සහිත වෙනත් දේශයන් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වතගොත සොයා බැලීමයි.

ඇස්ටන් අගාර් සහ වෙස්ලි අගාර්

——————————————-

ඔස්ට්‍රෙලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දග පන්දු යවන ක්‍රීඩක ඇස්ටන් අගාර් සහ වේග පන්දු යවන ක්‍රීඩක වෙස්ලි අගාර් දෙදෙනාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වන සෝනියා හේවාවිස්සයි. සෝනියාගේ පියාවන නාල හේවාවිස්ස මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

2013 වසරේදි 19 හැවිරිදි ඇස්ටන් ටෙස්ට් වර්ණ දිනාගත් අතර සිය පළමු ඉනිමේදිම ලෝක වාර්තා කීපයකට හිමිකම් කීමට සමත් විය. අංක 11 පිතිකරු ලෙස පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔහු මංගල ඉනිමේදි පන්දු 101කින් 98 ක් ලබා ගැනීමට සමත් විය.

ඔහුගේ ඉනිම, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 11 පිතිකරුවකු සිය මංගල ඉනිමේදි ලබාගත් පළමු අර්ධ ශතකය ලෙස වාර්තා පොත් අතරට එක් විය.

ඇස්ටන් ටෙස්ට් තරග 05ක්, එක්දින තරග 22ක් සහ විස්සයි විස්ස තරග 49කදි ඔස්ට්‍රෙලියා කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.

ඇස්ටන්ගේ බාල සොයුරු වෙස්ලි, 2021 වසරේදි ඔස්ට්‍රෙලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 2කට සහභාගි වී ඇත.

ඒඩ්න් මර්ෆි

—————

2018 වසරේදි ෂෙලින්ඩා ජැන්සන් බිද දමන තුරු වසර 32 ක් පුරා අඛණ්ඩව පැවැති 18 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේ වාර්තාවට හිමිකම් කියූ ටානියා වැන්හියර්ගේ පුත් ඒඩ්න් මර්ෆි මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙදි ඔස්ට්‍රෙලියානු මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූවා. ටානියා 1987 වසරේදි ශ්‍රී ලංකාව හැරදා ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වූ අතර ඇය ඔස්ට්‍රෙලියාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලිවලදි සහාය දිවීමේ සහ කේවල ඉසවුවල පදක්කම් ලබාගැනීමට සමත් වනවා.

ඇයගේ පුත් ඒඩ්න් මේවන විට මීටර 200 කේවල ඉසව්වෙන් සහ මීටර 400 සහාය දිවීමේ ඉසවුවෙන් ඔස්ට්‍රෙලියාවට ජාත්‍යන්තර පිටිය ජයගැනීමේ ඉහළම බලාපොරොත්තුවක් වනවා.

ඒඩන් ඒකනායක

———————

ශ්‍රී ලාංකික පියෙකුට දාව සිඩ්නිවලදි උපත ලබන ඒඩන් ඒකනායක මේවන විට ඔස්ට්‍රෙලියානු සත් සාමාජික රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්. සිය පියාගේ ආභාෂයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසෙන ඒඩන් ඔස්ට්‍රෙලියානු සත් සාමාජික වර්ණ ලබන්නේ 19 හැවිරිදි වියේදි 2024 වසරේදි. 2024 වසරේ ලෝක සත්සාමාජික රග්බි තරගාවලියේ හොදම ආධුනිකයා සම්මානයටද ඒඩන් නිර්දේශ වූ නමුත් ප්‍රංශ ක්‍රීඩක ඇන්ටොයිං ඩුපොන්ට්ට එම සම්මානය හිමිවනවා. කෙසේ නමුත් මේ වනවිට ඒඩන් ලෝක සත්සාමාජික රග්බි කරළියේ සුවිශේෂි අවධානයක් දිනාගැනීමට සමත්ව සිටිනවා.

ජසින්තා ගලබඩආරච්චි

——————————

ශ්‍රී ලාංකීය පියෙකුට දාව උපත ලබන ජසින්තා කාන්තා පාපන්දු කරලියේ සුප්‍රසිද්ධ නාමයකි. ඔස්ට්‍රෙලියානු ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඇයට සිය මවු පාර්ශ්වයේ උරුමයෙන් ආජන්ටිනාව සහ ඉතාලියද පිය පාර්ශ්වයේ උරුමයෙන් ශ්‍රී ලංකාවද නියෝජනය කිරීමේ අවස්ථා හිමිය. ජසින්තා මේවන විට කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් අතර ධනවත්ම ක්‍රීඩිකාවක් ලෙස නම් දරා ඇති අතර ඇයගේ වත්කම ඩොලර් මිලියනයකට වඩා වැඩි බව පැවසේ.

ටෂියා පියදාස සහ ටියානා පියදාස

——————————————-

හිටපු ශ්‍රී ලංකා මේසපන්දු ශූර තිලිණ පියදාස සහ මේසපන්දු ශූරි රිෆ්කා කමිල්ගේ දියණියන් දෙදෙනා වන ටෂියා සහ ටියානා මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ වයස් කාණ්ඩ කීපයකම ශූරියන් ලෙස කිරුළ පැළදීමට සමත්ව සිටිනවා. තිළිණ පියදාස පිට පිට වසර අටක් ශ්‍රී ලංකා ජාතික ශූරයා ලෙස කිරුළ පැළැදි අතර මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු සිය දෙනා අතරට පිවිසි එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයාද වනවා. රිෆ්කා කමිල් 1997 වසරේ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එවකට ජාතික ශූරිය ලෙසද කිරුළු පැළදුවා.

මේ වන විට ටෂියා එක්සත් ජනපද වයස අවුරුදු 17 න් පහළ ජාතික ශූරිය සහ 19 න් පහළ අනුශූරිය වන අතර ඇයගේ බාල සොහොයුරිය වන ටියානා 13න් පහළ ජාතික ශූරිය සහ 15න් පහළ තුන්වැන්නා ලෙස ශ්‍රේණිගතව සිටිනවා.

15 හැවිරිදි ටෂියා ඇමෙරිකානු මේජර් ලීග් ටේබල් ටෙනිස් ශූරතාව නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස මේ දිනවල තරග වදින අතර ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව 42වැනි තැන සිටින ක්‍රීඩිකාව පරාජය කිරීමට ඇය ඊයේ දිනයේදි සමත්වනවා.

මීට අමතරව තවත් බොහෝ ශ්‍රී ලාංකේය උරුමය සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතීතයේදි මෙන්ම වර්තමානයෙදිත් ලොව විවිධ රටවලට තම ක්‍රීඩා කෞෂල්‍යයෙන් කීර්තිය අත්කරදෙමින් සිටින අතර ඔවුන් පිළිබද තවත් සටහනකින් හමුවෙමු.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron