ගිය අවුරුද්දේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 4ක් දිනාගත්ත “Poor Things” චිත්රපටිය මතකයි නේද?
ඒකෙදි හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්ත Emma Stone සහ ” Poor Things” චිත්රපටිය අධ්යක්ෂනය කළ Yorgos Lanthimos එකට එකතු වෙලා කරන ඊළඟ වැඩේ තමා ” Bugonia” කියන්නේ.
මේ චිත්රපටිය Science Fiction ශානරයට අයිති වෙනවා.
මේ චිත්රපටියෙදි Emma රඟපාන්නේ ප්රධාන සමාගමක CEO කෙනෙක් ගේ චරිතයක්. ඒ CEO කියන්නේ පෘථිවිය විනාශ කරන්න ආව කුමන්ත්රණකාරියක් කියලා සැක කරන Conspiracy Theorist ලා දෙන්නෙක් Emma ව පැහැර ගන්නවා.
Trailer එකේ පේන විදියට නම් ඒ දෙන්නා Emma ව ගෙනත් එයාගේ හිස මුඩු කරනවා.
ඒ විදියට Emma ගේ හිස මුඩු කරන දර්ශනය වෙනුවෙන් Emma ඇත්තටම හිස මුඩු කරනවා.
ඔක්තොම්බර් 24 වෙනිදා ඉඳන් සිනමාශාලාවල BUGONIA තිරගත වෙන්න පටන් ගන්නවා.
චිත්රපටිය ආවම ඒ ගැන වැඩිදුර කතා කරමු


