බෙංගාල බොක්කේ පීඩන අවපාතය ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය ඉදිරි දින කිහිපය තුළ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජුව බලපෑම් නොකළ ද, ඒ දෙසට ඇදී යන ප්‍රබල සුළං ධාරා හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක, විශේෂයෙන්ම නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව උතුරු අන්දමන් දූපත් ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. බටහිර-වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය, අද (25) දිනය තුළ ‘ගැඹුරු පීඩන අවපාතයක්’ බවටත්, හෙට (26) උදෑසන වන විට ‘සුළි කුණාටුවක්’ බවටත් පත්වනු ඇත. අනතුරුව ඔක්තෝබර් 27 වනදා වන විට එය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වා තවදුරටත් වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ අංශ පවසයි. මීට අමතරව ඌව පළාත, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං හැමීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

Topics

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron