“ARNAB” සුළි කුණාටුව බලවත් වෙයි

බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුව දක්වා ප්‍රබල වී ඇති අතර, අද (26) රාත්‍රිය වන විට එය චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමේ අවදානම හමුවේ නාවික හා ධීවර ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 9.30ට නිකුත් කෙරුණු මෙම විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 12ක කාලය සඳහා බලපැවැත්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති මෙම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි. අද රාත්‍රී 11.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු සීමාවේදී මෙය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි අතර, මීටර් 3ත් 4ත් අතර උසකින් යුතු රළ පහරවල් සමඟ මුහුද ඉතා රළු විය හැක. එසේම ගිගුරුම් සහිත තද වැසි ද ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු කලාපවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැනුම් දී තිබේ. දැනටමත් එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින පිරිස් වෙත වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

Topics

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron