හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත්වරයා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ආන්දෝලනාත්මක බ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක් මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර කරුණු දැක්වීමෙන් අනතුරුව, මහේස්ත්රාත්වරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මෙලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.


