භික්ෂු ගෞරවය කෙලෙසන්න ඉඩ දෙන්න එපා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නීත්‍යානුකූලව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රජය සමඟ ඉදිරියේදී සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා තීරණය කර තිබේ.

මහානායක හිමිවරුන් විසින් ලබාදුන් එම ලිඛිත දැනුම්දීමත් සමඟ, ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පසුගිය දින 10 පුරා අඛණ්ඩව පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට ඊට එක්ව සිටි මහා සංඝරත්නය ඊයේ (25) පස්වරුවේ පියවර ගත්හ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ඒකාබද්ධ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ නිවේදනයක මේ බව සඳහන් වේ.

ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් දැනට සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් හේතුවෙන්, දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බව මහානායක හිමිවරු පෙන්වා දෙති. ශ්‍රී ලාංකේය සමාජයේ භික්ෂූන් වහන්සේලාට හිමි අද්විතීය පිළිගැනීම රඳා පවතින්නේ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ ශාසනික විනය ආරක්ෂා වන තාක් පමණක් බවද උන්වහන්සේලා අවධාරණය කරති.

එබැවින්, කිනම් අර්බුදයක් හමුවේ වුවද සංඝ සාමග්‍රිය සුරකිමින්, ගැටලු ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට මහා සංඝරත්නය වගබලා ගත යුතුය යන්නත් “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යොභාවය” ක්‍රියා කළ යුතු බවට වන බුදුවදන සිහිපත් කරමින්, මහජන ප්‍රසාදය රැකෙන අයුරින් කටයුතු කරන ලෙස සියලු නිකාය පාර්ශ්වයන්හි මහා සංඝරත්නයෙන් මහානායක හිමිවරු වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටිති.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

Topics

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron